2022 නොවැම්බර් 04, ප.ව. 12:15
ගෑස් හිඟයක් ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඇතැම් ගෑස් ඒජන්තවරු මාසයේ මුල සියලු තොග ගැනීමට අකමැත්ත පළ කරන බවයි.
මිල සූත්‍රය අනුව ඇතැම් විට මිල අඩුවේයැයි උපකල්පනය කරමින් ඇතැම් ගෑස් ඒජන්තවරු මෙලෙස කටයුතු කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.
හෙට (05) පාන්දර පැමිණීමට නියමිතව තිබූ ගෑස් නැව ඉරිදා දක්වා ප්‍රමාද වන බවද සභාපතිවරයා කියා සිටියා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
“මෙට්‍රික් ටොන් 28,000 කිට්ටු වෙන්න අපි ගෑස් ඇනවුම් කරලා තිබෙනවා. ඒ නිසා නොවැම්බර් ගෑස් හිඟයක් එන්න විදිහක් නෑ.සඳුදා දහවල් 2න් පස්සේ ලංකාව පුරාම නිල්පාට ගෑස් සිලින්ඩරවලින් පිරිලා තියෙයි.”
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:56
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:22
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:16