hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූනි 21, පෙ.ව. 11:05



මුතුරාජවෙල පිහිටි ඉඩම් කොටසක් ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මුතුරාජවෙල යුගදනවි බලාගාරයට යාබද අක්කර 10ක ඉඩම් කොටසක් මෙගාවොට් 300ක LNG විදුලිබලාගාරයක් ඉදිකිරීමට යෝජිතයි.

එයට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී අතර එකී ඉඩම් කොටස මිල දී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ද ලැබී තිබෙනවා.

ඒ අනුව රජයේ තක්සේරුකරු විසින් තක්සේරු කර ඇති එකී ඉඩම් කොටසේ වෙළෙඳපෙළ වටිනාකම අය කරගෙන එය ලංකා විදුලිබල මණ්ඩලය වෙත බැහැර කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා විසින් කළ යෝජනාවටයි එලෙස අනුමැතිය හිමිව තිබෙන්නේ.