hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 නොවැම්‍බර් 25, පෙ.ව. 8:25



මාසික වැටුප් ගන්නා අයට බැංකු ණය ගෙවීමේ අපහසුතාවක් තිබේ නම්, ඒ පිළිබඳව අදාළ බැංකු සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

යම් ගනුදෙනුකරුවෙකුට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සිදු නොවේ නම් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව ඉල්ලීමක් කළ හැකි බව ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබෙනවා.

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී ප්‍රනාන්දු සඳහන් කළේ,

“මෑතකදී අපි බැංකු කිහිපයක් සමග සාකච්ඡා කළා. මාසික වැටුප් ලබාගෙන ණයගෙවන අය සම්බන්ධයෙන් සාමාන්‍ය පොලී අනුපාතයකින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා ගෙවීම්වලට දැනටමත් ලෑස්ති කරලා තියෙනවා. බැංකුවලින් සහ ගනුදෙනුකරුවන්ගෙන් අපිට ඉල්ලීමක් කරන්න තිබෙන්නේ තමුන්ට යම් අපහසුතාවයක් තිබෙනවා නම් මේ වෙලාවේ මුදල් ගෙවන්න බැංකුවලට ගිහින් සාකච්ඡා කරන්න. ඊට අවශ්‍ය පුළුල් මාර්ගෝපදේශය අපි දීලා තියෙනවා ඕනම බැංකුවකට. තමුන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න. යම් කෙනෙකුට ඒක සිදුවෙන්නේ නැත්නම් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව ට ඉල්ලීමක් කරන්න පුළුවන්. දෙගොල්ලෝ සාකච්ඡා කරලා ගෙවන්න පුළුවන් විදිහට කරගෙන ගියේ තැන්නම් ඉදිරියට යන්න බැහැ.”