hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 19, පෙ.ව. 12:04



අයවැයේදී සඳහන් කළ ණය සීමාව ඉහළ නැංවීම ණය ප්‍රමාණය වැඩි කරගැනීමක් නොව ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අවශ්‍ය නීතිමය අවශ්‍යතාවයක් සපුරා ගැනීමක් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රටේ ආර්ථිකයට වැදගත් සාධකයක් වන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ,එහි ප්‍රමුඛ කාරණයක් වූ ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් සාධකයක් වන ලේඛණවල ඇති සටහන් වෙනස් කිරීමේ කාරණයට අදාළ නීතිමය අවශ්‍යතාවයක් වෙනුවෙන් මෙම ණය සීමා ඉහළ නැංවීම සිදු කළද, එමගින් රජය  ලබාගන්නා ණය ප්‍රමාණය ඉහළ නංවා ගැනීමක් හෝ ඒක පුද්ගල න්‍ය ප්‍රමාණය ඉහළ යාමක් කිසිසේත්ම සිදු නොවන බවයි අමාත්‍යවරයා පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: