hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 18, ප.ව. 1:31



යුද විජයග්‍රහණයේ 15 වන වසර යෙදී ඇති අද (18) දින, යුද ගැටුම්වල තීරණාත්මක ස්ථානයක් වූ වෙල්ලමුල්ලිවයිකාල් සිහිකරමින් පිරිසක් විසින් සැමරුමක් සංවිධානය කර තිබුණා.

ඒ, වැල්ලවත්ත වෙරළ තීරයේදී යි.

අනතුරුව එම සැමරුම පැවැත්වෙන ස්ථානයට තවත් පිරිසක් පැමිණ ඊට විරෝධය පළකර සිටි අතර ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය ද මැදිහත් වූ ආකාරයයි දක්නට ලැබුණේ.

එහිදී විරෝධය පළකළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ද ගනු ලැබුවා.