hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:19



මෙම වසරේ අවසාන ග්‍රහණය වප් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද (28) දිනයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකාවිද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

ඒ අනුව මෙම අර්ධ ග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු අමෙරිකාව, දකුණු අමෙරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් සහ ඇන්ටාටිකාවට දර්ශනය වනු ඇති.

මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය අද රාත්‍රී 11.32 ට ආරම්භ වීමට නියමිත අතර එම අර්ධ චන්ද්‍රග්‍රහණය පියවි ඇසට දෘශ්‍යමාන වන්නේ අලුයම 1.05ටයි

එහි උපරිම ග්‍රහණ අවස්ථාව අලුයම 1.44ට ඇතිවන අතර පැය 4යි විනාඩි 25ක පමණ කාලයක් මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය පවතින බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: