2022 නොවැම්‍බර් 10, ප.ව. 5:41
දින හතරක් නිරාහාරව සිටි රැඳවියකු මැගසින් බන්ධනාගාරයේ වතුර ටැංකියට වැටී මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මාලිගාවත්ත මිරානියා වීදිය පදිංචිව සිටි සාවුල් හමීඩ් මොහොමඩ් සපර්ඩින් නැමැත්තෙක්.
මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් වැරදිකරු වී මාස එකහමාරක සිර දඬුවම් නියම කර බන්ධනාගාරය වෙත මෙම පුද්ගලයා එෆ් වාට්ටුව වෙත යොමු කර තිබූ බව පොලිසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි මෙම රැඳවියා බන්ධනාගාරයට යොමු කළ දින සිට ආහාර නොගෙන සිට ඇතැයි පොලීසිය සිදු කල විමර්ශන වලදී හෙළි වී තිබෙනවා.
එම දින හතර තුළ රාත්‍රියටද නොනිඳා තිබෙන මෙම රැඳවියා වතුර ටැංකිය මත වාඩිවී සිටිනු දැක තිබූ වැසිකිළියට යමින් සිටී රැඳවියකු නැවත පැමිණෙද්දී පැමිණෙද්දී ඔහු වතුර ටැංකිය මත දිගා වී සිටින අන්දම දැක අසලට ගොස් කතා කර ඇති අතර ප්‍රතිචාරයක් වූ බැවින් එහි නිලධාරීන්ට දැනුම් දී තිබූ බව පොලිසිය කියයි.
ඒ සිටි බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් මෙම පුද්ගලයාව බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කරනවිටත් මියගොස් ව සිට ඇතැයි පොලිසිය කියයි.
පශ්චාත් මරණ පරීක්ෂණය පොලිස් මෘත ශරීරාගාරයේදී සිදුකිරීමට නියමිතයි.
2026 අප්‍රේල් 27, ප.ව. 5:14
2026 අප්‍රේල් 27, ප.ව. 5:10
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:49
2026 අප්‍රේල් 27, පෙ.ව. 9:50
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24