hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 පෙබරවාරි 02, ප.ව. 1:27



රටේ ස්වාධීනත්වය භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලු නිර්මාණය කරන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බව ත්‍රෛනිකායික මහා සංඝරත්නය ජනපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කරනවා.

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කොට ඉඩම් හා පොලිස් බලතල ඇතුළු බලතල පළාත් සභා වෙත ලබාදීම රාජ්යයේ පාලනය ව්යාකූල කිරීමට හේතුවන බවද උන්වහන්සේලා පවසනවා.

මල්වතු පාර්ශයේ මහනායක පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව මෙම ලිපිය  නිකුත්කර තිබෙනවා.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) මල්වතු අස්ගිරි මහා විහාර වලට ගොස් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේලා මෙම ලිපිය ජනපතිවරයාට ලබා දී තිබෙනවා.

ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ජනපතිවරයා වෙත යොමුකළ ලිපියේ මෙසේයි.