hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:04



වේගයෙන් නාගරීකරණය වන මහරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ, නගර ආශ්‍රිත සංවර්ධන කටයුතු වේගවත් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ ආයතන වෙත උපදෙස් ලබා දී තිබේ. ඒ එම ආයතනවල නිලධාරින් කැඳවා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවකදීය.

ඒ අනුව හෝකන්දර නගරය දියුණු කිරීම සඳහා එම කටයුතු පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියෙන්, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරා ගෙන සංවර්ධනය වේගවත් කරන ලෙස විශේෂ උපදෙසක් ලබා දී ඇත.

මහරගම පමුණුව ආශ්‍රිත කලාපය රෙදි පිළි තොග සහ සිල්ලර වෙළඳාමේ නිරත වෙළඳ ප්‍රජාවට බාධාවකින් තොරව එම කටයුතු පවත්වාගෙන යාමට එම මාර්ගවල ගමන් කරන බස් රථ විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරවීමේ හැකියාව සොයා බලන ලෙසත් උපදෙස් දී තිබෙනවා.

මහරගම නගර සභාවේ කොට්ටාව උපකාර්යාලයක් ඇති කිරීම තුළින් ජනතාවට පහසුකම් සලසන ලෙස කී අග්‍රාමාත්‍යවරයා, සංවර්ධනය කර ඇති නාවින්න ක්‍රීඩාංගණය පූර්ණ වශයෙන් මහරගම නගර සභාව වෙත පැවරීම පිළිබඳ සොයා බලන ලෙස දැන්වූවා.

මහරගම ඩිපෝව දැනට භාවිතා කරන අක්කර හයකට ආසන්න භූමි ප්‍රමාණය වඩා ඵලදායි, ප්‍රශස්ත ලෙස භාවිතා කිරීමට නිර්මාණශීලීව සැලසුම් සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: