hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 07, ප.ව. 3:00



නොවැම්බර් මාසයට යෙදී ඇති මහවිරු සැමරුම් උතුරු පලාතේ සිදුකරන පුද්ගලයින් වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මහවිරු සැමරුම් සිදු කරන පාර්ශවයන් විසින් කුමන හෝ අයුරකින් ත්‍රස්ත සාමාජිකයින් හෝ එම සංවිධානය පිළිබඳ ප්‍රචාරයක් හෝ ප්‍රදර්ශනාත්මකව සැමරීමක් සිදුකරනු ලබන්නේ නම් අදාල පුද්ගලියින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවට උතුරේ ආරක්ෂක අංශ විසින් දැනුම් දෙනු ලැබුවා.

නොවැම්බර් මස 26 වනදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය යෙදී තිබෙන අතර නොවැම්බර් මස 27 වනදා මහවිරු දිනය සැමරීම යුදසමයේ සිට පැවත එන්නක්.

යුද්දයෙන් පසුව උතුරේ දේශපලන නියෝජිතයින් ඇතුලු විවිධ පාර්සවයන් විසින් මහවිරු සැමරුම් සිදුකරනු ලැබුවේ යුද්දයේදී මිය ගිය මහවිරු පවුල් සිහිකරන බව පවසමින්.

කෙසේ වෙතත් මේ දිනවල වව්නියාව , කිලිනොච්චිය, මුලතිව් , මන්නාරම සහ යාපනය දිස්ත්‍රීක්කයන්හි මහවිරු සැමරුම් සිදුකරන පුද්ගලයින් විසින් භූමිය පිලිසකර කොට පූර්ව මහවිරු සැමරුම් සිදු කරනු ලබයි.

මේ අතර උතුරු පලාතේ ලොකුම මහවිරු සැමරුම් සිදුකෙරෙන කිලිනොච්චිය කනකපුරම් මහවිරු සැමරුම් ස්මාර්ක සහිත ස්ථානයේ භූමිය එලිපෙහෙලි කොට එහි පූර්ව මහවිරු සැමරුමක් සිදුකිරීමටද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එස්.ශ්‍රීධර්න් මහතා ඇතුලු පිරිසක් විසින් පියවර ගෙන තිබෙනවා.

වන්නි – රොමේෂ් මධුෂංඛ