hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 30, ප.ව. 1:52



ජාතික ජන බලවේගය මිනුවන්ගොඩදී පැවැත්වූ ආසන බල සමුළුවේ පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජනප්‍රිය නිවේදකයෙකු වන හා සිහිනයකි රෑ වැඩසටහන මෙහෙයවන මහේෂ් නිශ්ශංක මහතා ජාතික ජන බලවේගයට සහය පළ කරමින් එක්වූවා.

එහි සභාව අමතමින් ඔහු ඉතා සංවේදී ලෙස අදහස් දැක්වීමක් ද සිදු කරනු ලැබුවා.

තමා වෙනත් කලාකරුවන් වගේ මෙම පක්ෂයට එකතු වූයේ තනතුර බලාපොරොත්තුවෙන් නොවන බවත් සඳහන් කර සිටියා.

ඔහු මෙසේ පැවසුවේය.

‘සිහිනයකි රෑ වැඩසටහන කිසිදු පදනමක් හේතුවක් නැතිව දේශපාලන උපදෙස් අනුව වර්තමාන කළමණාකරණය මෙම වැඩසටහන නැවැත්තුවා. මහේෂ් නිශ්ශංකගේ පිබිදීම නවත්තන්නයි කළේ. මාව එලියට දාන්න බැරි නිසා එළියට යන්න සුදුසු වාතාවරණයක් හැදුවා. ජාතික රූපවාහිනිය ජනතාවට අයිති දෙයක්. ඒකෙ තියන මානව සම්පත මීට වඩා හොඳට භාවිත කලානම් රටේ දියුණුවට යොදාගන්න පුළුවන්. ලෝකෙ පුරා ගිය වැඩසටහන බංකොලොත් සභාපති නැවැත්තුවා. දැන් අවුරුදු විසි පහකට වඩා ආයතනයේ වැඩ කරලා පළපුරුදු දහනම දෙනෙක් වෙනුවට අලුත්ම ජුන්ඩො දහ නම දෙනෙක් පත් කරලා තියනවා. මං පැය භාගයයි හිටියෙ එළියට බැහැල ගියා. ගියේ කොහාටද දන්නවද.. මේ අය ගාවට ගියේ. කිසිම දවසක මම හිතුවේ නෑ  දේශපාලන වේදිකාවක නැඟලා සහෘද ඔබ අමතන්නට අවස්ථාවක් ලැබෙයි කියලා. වෙනත් කලාකරුවෝ වගේ මම මේකට ගොඩ වුණේ  තනතුරු ගන්නවත්, එකවුන්ට් එකට සල්ලී දාගන්නවත් නෙමෙයි. මම නැඟ්ගෙත් මේ විදිහට මම කවද හරි බහින්නෙත් මේ විදියට