hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 24, පෙ.ව. 5:42



රටේ ජනතාව බඩගින්නේ ඉද්දී මෙවර නත්තල සතුටින් සැමරිය නොහැකි බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවසූවා.

උන්වහන්සේ මේ බව පැවසූවේ කළුතර සිරි කුරුස විද්‍යාලයේ පැවති ‘බලාපොරොත්තුවේ උපත’ නමැති නත්තල් කැරොල් ගී ප්‍රසංගයකින් පසු අදහස් දක්වමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද පැවසූවා.

“එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා තියෙනවා ලංකාවේ මිලියන 6.1ක් එක වේලක් නොකා බඩගින්නේ ඉන්නව කියලා. ඒ නිසා මේ තරම් රටට විනාශයක් වෙලා තියෙද්දී අපිට සතුටින් මෙවර නත්තල් සමරන්න බෑ. රටට මෙහෙම වෙලා තියෙන්නේ පාලකයන්ගේ දුර්දාන්ත වැඩ නිසා. ලෝකෙ වටේ ගිහින් හිගන්නෝ වගේ කන්න බොන්න ඉල්ලනවා. අපි ලැජ්ජ වෙන්න ඕන මෙච්චර ලස්සන ආකර්ශනීය රටක ඉදගෙන හිගන්නො වගේ කන්න බොන්න ඉල්ල ඉල්ල යන එක ගැන. මොකක්ද මේ ආකල්පය? රටට මෙහෙම වෙලා තියෙන්නේ දුර්දාන්ත පාලකයින්ගේ වැඩ නිසා. නත්තල් කියන්නේ රතිඤ්ඤා කෑම බීම සැරසිලි නොවෙයි. නත්තලට ලබාගන්න දෙයට වඩා වැදගත් වන්නේ දෙන දෙය. ඒ නිසා මෙවර නත්තල් සමරන්න ඔබේ ප්‍රදේශයේ කන්න බොන්න නැති අසරණ දුප්පත් එක් පවුලකට හෝ සලකන්න. ක්‍රිස්තුස් වහන්සේ දේශණා කර තියෙන්නේ එයයි. ඒ නිසයි උන්වහන්සේ ගව මඩුවක ඉපදුනේ.”