hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 26, ප.ව. 2:57



මන්දපෝෂණය මවාපෑමක් බවත් මන්දපෝෂණ තත්ත්වයක් පැමිණිනේනේ අප රටේ අම්මලාගේ කම්මැලිකමට බව නමවෙනි සේනාංකයේ නායක ඩෑන් ප්‍රියසාද් පවසනවා.

මේ දිනවල කතා බහට ලක්වෙන මන්දපෝෂණ තත්ත්වය යම් පාර්ශවයක මවාපෑමක් බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර පසුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

“අරගල කරන්න ඕනේ තමයි..මොකද්ද ඒ ඉල්ලීම්..මහ පාරට බැහැලා අරගල කළා ජනාධිපති කෙනෙක් පලවා හැරියා..රනිල් වික්‍රමසිංහට දැන් ඉඩ දෙන්න ඕනේ..රනිල්ව ගෙදර ඇරලා කාවද ඉල්ලන්නේ මන්දපෝෂණය එතකොට නම් ඇතිවේවි..මන්දපෝෂණය ගැන කියන කතාව මවාපෑමක් කවුද මේක පිටුපස ඉන්නේ මේක නාට්‍යයක්.. ජාත්‍යාන්තරයට අපේ රට හෑල්ලු කරනවා..අපේ නැති ප්‍රශ්නයක් මවා පානවා..” යනුවෙන් ඩෑන් ප්‍රියසාද් වැඩිදුරටත් පැවසීය

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: