hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 25, ප.ව. 12:42



මල්වතු අස්ගිරි මහාවිහාර පාර්ශ්වයන්හි මහානායක ස්වාමීන් වහන්සේලා පිළිබඳව සිදුකරන පදනම් විරහිත, ද්වේශ සහගත සහ පටු දේශපාලන අරමුණු පෙරදැරි කරගත් ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මල්වතු මහා විහාරීය, විංශද්වාර්ගික කාරක සංඝසභික රාජකීය පණ්ඩිත, දර්ශනපති,මහවෙල රතනපාල ස්වාමීන් වහන්සේ විසින් ඒ බව සඳහන් කරයි.

එහි දැක්වෙන්නේ ශාසනික ප්‍රතිපදාවන් පිළිබඳ කිසිඳු අවබෝධයක් නොමැති බුද්ධ චීවරයේ ගෞරවය කෙලෙසන අඥාන, අවිචාරවත් පුද්ගලයින් සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා මහජනතාව බුද්ධිමත්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවයි.