hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 ජනවාරි 19, පෙ.ව. 8:29



මනුෂ නානායක්කාර ඊයේ(18) සන්ධ්‍යාවේ පැවැති ඝාතනයට ලක් වූ හා අතුරුදන් වූ මාධ්‍යවේදීන්ගේ සැමරුමට සහභාගී වී තිබෙනවා.

ඒත් සමග අමාත්‍යවරයා අද (19) රාත්‍රියේ දී රටින් පිටව යාමට නියමිත බවටද වාර්තා වනවා.

ලසන්ත ඇතුළු මාධ්‍යවේදීන්ගේ ඝාතන මෙන් ම එක්නැළිගොඩ ඇතුළු මාධ්‍යවේදීන්ගේ අතුරුදන්වීම් සම්බන්ධයෙන් සමාජයේ දැඩි ආණ්ඩු විරෝධී කතිකාවක් නිර්මාණය වී ඇති මොහොතක, ආණ්ඩුවට තීරණාත්මක මැතිවරණයක් අභියස තිබිය දී ඔහු හදිසියේ ම මෙම සැමරුමට සහභාගී වීමත්, ඉන් අනතුරු ව රටින් පිටව යාමත් දේශපාලන විචාරකයන්ගේ දැඩි අවධානයට ලක් ව තිබෙනවා.