hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2025 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:32



හදිසි ආපදා තත්ත්වය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සිදුකර තිබූ පසුබිමක ඊට අදාළ පියවර නොගත් ආණ්ඩුවට එරෙහිව නඩු පවරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

“අද අපි පාර්ලිමේන්තුවේදීත් බලාපොරොත්තු වුණේ මේ නින්දෙන් ඔවුන්ව ඇහැරවන්න. මොකද මේක පාස්කු ඉරිදා ප්‍රහාරය තරම්ම අමනුෂිකයි.

මේ රට බංකොලොත් කිරීම පිළිබඳව රාජපක්ෂලාට අධිකරණයේ නඩු දැම්මා වගේම අපි වර්තමාන ආණ්ඩුවට අපරාධ නඩුවක් යොමුකරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ මැරුණ හැම මිනිහෙකුටම හැම පුද්ගලයෙකුටම මේ ආණ්ඩුව වගකිව යුතුයි.

මොකද පූර්ව අනතුරු අඟවල තියෙද්දී පූර්ව සූදානම කරන්නේ නැතුව කටයුතු කිරීම පිළිබඳව ඔවුන්ට විරුද්ධව නඩු දාන්න අපි ලෑස්තියි.”