hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූලි 30, ප.ව. 1:58



හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ ලබා ගැනීමේ දී සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඖෂධ මිලදී ගන්නවාට වඩා තුන්ගුණයක පමණ වියදමක් දරා අනුකාරක ඖෂධ (Duplicate) පවා මේ වන විට මිලදී ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටිනවා.

මේ හේතුවෙන් ගිය වසරේ කෝටි සිය ගණනක පමණ පාඩුවක් රජයට දරන්නට සිදු වී ඇති බවයි ඔහු කියන්නේ.

මේ වසරේ තවත් හදිසි මිලදී ගැනීම් 630 කට අනුමැතිය ලබා දී ඇති අතර මේ වනවිට එලෙස ගෙන්වූ ඖෂධවලින් 67ක් තාවකාලිකව නවතා හෝ තහනමටද ලක්කර හමාර බව වාර්තා වෙනවා.

ඒ අනුව මේ වසරේ දී රජයට ගිය වසරටත් වඩා විශාල පාඩුවක් දැරීමට සිදුවිය හැකි බව වෛද්‍ය චමිල් විජේසිංහ පෙන්වා දෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබෙන අරමුදල් මේ ආකාරයට විනාශ වීම වැළකීමට නම් ඖෂධ නියාමන පනතේ විධිවිධාන නිසි පරිදි බලගැන්විය යුතුව ඇති බව ඔහු පවසනවා.

Example Image