hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 18, ප.ව. 1:44



රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් නව නිෂ්පාදන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත හඳුන්වා දුන් ඖෂධ වර්ග තුන මීට පෙර අවස්ථා කිහිපයකදී හඳුන්වා දී ඇතැයි කියන සිද්ධිය සත්‍යයක් දැයි සොයා බලා තමන් වෙත වාර්තා කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍යංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාට ඊයේ (17) උපදෙස් දී තිබෙනවා.

සංස්ථාව මගින් නිපදවන ලද නව ඖෂධ වර්ග බව කියමින් තයිරොක්සීන් ඌනතාවට ලබාදෙන ඖෂධයක්, වේදනා නාශකයක් හා ගැස්ට්‍රික් ආම්ලිකතාව සඳහා දෙන ඖෂධයක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 15 වන දා පැවති උත්සවයකදී වෙළෙඳපොළට නිකුත් කරනු ලැබුවා.

එහෙත් එම ඖෂධ අතරින් දෙකක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දී ඇති බව ත්, පසුව සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ මහාචාර්ය චන්න ජයසුමනට අනෙක් ඖෂධය හඳුන්වා දී ඇති බවත්, සැලවීමෙන් පසු අමාත්‍යවරයා මේ ගැන පරීක්‍ෂණයක් කරන්නැයි උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවා.

කිහිප වතාවක් එක ම ඖෂධය හඳුන්වා දෙන්නට රාජ්‍ය මුදල් වැය කර ඇත් ද යන්න සොයා බලා එවැනි කටයුතුවලට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යවරයා පියවර ගනු ඇතැයි ද හෙතෙම සඳහන් කළා.