hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 ජනවාරි 14, පෙ.ව. 5:29



සියලුම රජයේ රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර ලෙස පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ ඊයේ (13) අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින්.

ඔවුන් පෙන්වා දුන්නේ, සරල ඖෂධ පවා නැති වීම් නිසා සායනික රෝගීන් මරණයට පත්වීම ද වැඩි වී ඇති බවයි.

“සරල ම ඖෂධ වෙන පැරසිටමෝල් සිරප් එක, සැල්බුටමෝල් පෙත්තේ සිට ශල්‍යකර්ම සිදුකිරීම සඳහා අවශ්‍ය වන ඖෂධ දක්වා විශාල හිඟයක් පවතිනවා. පිළිකා සඳහා භාවිතයට ගන්නා ඖෂධ 22කින් තියෙන්නේ 3ක් විතරයි. උපකරණ වල විශාල හිඟයක් පවතිනවා. අක්ෂි ශෛල්‍යකර්ම කරන්න කාච හිඟයක් පවතිනවා. පසුගිය දවස්වල රුධිර පාරවිලයන ඖෂධවල විශාල හිඟයක් තිබුණා. රෝගීන් දිනෙන් දින මියගියා. සරල ඖෂධ නැති නිසා සායනික රෝගීන් මරණයට පත්වෙනවා වැඩියි. බෝ නොවන රෝග ඇති සියලු රෝගීන් අනතුරක සිටිනවා”යැයි ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා කියා සිටියා.