hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 10, පෙ.ව. 6:49



ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය මේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එය ඉදිරි පැය24 තුළදී තවදුරටත් වර්ධනය විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ. 

උතුරු, උතුරු මැදසහනැගෙනහිර පළාත්වල අහස වලාකුළින් බරව පවතිනවා.

නැගෙනහිර , ඌව, උතුරු සහඋතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව සහ දකුණු  පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.