hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 20, පෙ.ව. 5:30



විශ්වවිද්‍යාලවල සිටින ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ලෙනින්ගේ න්‍යායට අනුව වැඩ කරන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පැවසුවා.

උන්වහන්සේ ප්‍රකාශ කළේ, මෙරට පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් නීති සම්පාදනය කළ යුතු බවයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, එම විහාරස්ථානයේ පැවති වැඩසටහනකදීයි.

“අපේ රටේ පොදු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, සරසවි. සාමාන්‍ය පෙළ දෙපාරක් ලිව්වා නම්, එය අසමත් නම් ඒ දරුවන්ට වෘත්තීය පුහුණුව ලබා දෙන්න ඕනේ. උසස් පෙළත් එහෙමයි. දෙපාරක් ලිව්වහම ඇති. ඊට පස්සේ ඒ ළමයි වෘත්තීය පුහුණුවට යොදවලා රටට අවශ්‍ය කරන පුරවැසියෝ නිර්මාණය කරන්න ඕනේ. ඒ වගේ ම සරසවි ශිෂ්‍යයෝ විශේෂවේදී, සාමාන්‍යවේදී කියලා තියෙනවා අවුරුදු 3 සහ 4. ඒ අවුරුදු ගණන ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයෙන් බැහැර විය යුතුයි. ඒවට නීති සම්පාදනය කරන්න ඕනේ.

අපේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට ත් එහෙමයි. සහරාන් කියන පුද්ගලයා ලංකාවේ රැවුල වවාගෙන නේ ඒ මනුස්සයා මැරුණේ. සහරාන්ලා වගේ ගොඩක් සරසවි ශිෂ්‍යයෝ, රටේ මිනිස්සු, ත්‍රිවිල් එළවන අය රැවුල වවන්න පටන් ගත්තා. ඒ වගේ ම අපේ සරසවිවල ඉන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ, ඒ වගේ ම සරසවිවල තියෙන කලා පීඨවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තලිබාන්ලා වගේ වැඩකරන්නේ. ලෙනින්ගේ න්‍යායට තමා ඒ අය වැඩ කරන්නේ. බුදු හාමුදුරුවෝ නෙමෙයි ශාස්තෘන් වහන්සේ. ඉතින් කොණ්ඩ, රැවුල වවාගෙන භික්ෂූන් වහන්සේලා අර ඉන්නේ. අර හාමුදුරුවෝ කෙනෙක් කියලා තියෙනවා මම දැක්කා මුදා නොගත් ප්‍රදේශයක් තමා වඩමාරච්චි කියලා.ඒ වගේ ලු සරසවිවල පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය, ඒ වගේ ම අනෙකුත් විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය පීඨ.”