hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 පෙබරවාරි 03, ප.ව. 4:48



ඓතිහාසික මිහින්තලා පුදබිමේ ඉදිකිරීම් වැඩවල නියැලුණ හා ආරක්ෂාව සඳහා යොදවා තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්, යුධ හමුදා සෙබළුන් කිසිදු දැනුම් දීමකින් තොරව ඉවත් කර ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසනවා.

ඓතිහාසික මිහින්තලා පුදබිමේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා යොදවා තිබුණේ යුද හා නාවික හමුදාව ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් පිරිසක්.

කිසිදු දැනුම් දැනුම් දීමකින් තොරව මෙම සෙබළුන් ඉවත් කිරීම පිළිබඳව ඓතිහාසික මිහින්තලා රජ මහා විහාරස්ථානයේ ආරක්ෂාව පිළිබඳව පැන නැගෙනුයේ විශාල ගැටළුවක් බව නා හිමියෝ අවධාරණය කරනවා.

මෙසේ සිදු වීමට හේතුව ජාතික හෝ ජාත්‍යන්තර මැදිහත්වීමක් දැයි උන්වහන්සේ කරුණු විමසනවා.

මිහින්තලා පුද බිමේ පිහිටි ධාතු මන්දිරයේ ඉදිරි දොරටුව ගලවා ඉවත් කිරීමෙන් පසු, එහි සේවය කළ සෙබළුන් ඉවත් වීම නිසා මහ රහතන් වහන්සේලාගේ ධාතුන්, භෂ්මාවශේෂ, රනින් නිම කරන ලද සතර වරම් දෙවියන්ගේ ප්‍රතිමා, පෙරදා මිහිඳු මහරහතන් වහන්සේ පුද පූජා පැවැත් වූ ස්වර්ණමය බුද්ධ ප්‍රතිමාව, කිලෝ සියයකට අධික බරකින් යුත් පස් ලෝ ප්‍රතිමා කිහිපයකද ආරක්ෂාව නැති වී ඇති බව නා හිමියෝ අවධාරණය කර සිටිනවා.