hit counter

2026 ජනවාරි මස 25 වන ඉරිදා

2022 ඔක්‍තෝබර් 11, ප.ව. 3:26



මිහින්තලා විහාරස්ථානයේ පිහිටා ඇති ඉපැරණි ලෙන්වල නවීන කුටි ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පැවසුවා.

ඊට සියලුම ආයතනවල අනුමැතිය ලැබුණු බවද උන්වහන්සේ සඳහන් කළා.

ලෙන් සකස් කිරීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ, බුද්ධ ශාසන අමාත්‍යංශයේ රැස්වීම් ගණනාවක් පවත්වා අධ්‍යක්ෂක ජෙනරාල්, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්, සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සිදු වූ බවද පවසා සිටියා.

ලෙන් සියල්ලම අධීක්ෂණය, පරික්ෂණය, නිරීක්ෂණය, නිගමනය කොට පුර්ණ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම ලෙන් නවීකරණය කළ බවද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නා.