hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 නොවැම්‍බර් 08, පෙ.ව. 8:40



ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා වශයෙන් සේවය කර නැවත කොළඹට පැමිණ සිටින මිලින්ද මොරගොඩ මහතා අනුරාධපුර පූජා නගරයට ගොස් ජය ශ්‍රී මහා බෝසමිදුන් වැද ආශීර්වාද ලබාගත්තා.

නුවර කළාවියේ මහා නායක අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ද මුණ ගැසුණු මොරගොඩ මහතා සිය රාජකාරි කටයුතු කාලවකවානුවේ කටයුතු පැහැදිලි කළා.

ඉන්දීය රජයෙන් ශක්තිමත් පිටිවහලක් ලැබුණ බව මහ නාහිමියන් ට ප්‍රකාශ කළ අතර කාලෝචිත ක්‍රියාමාර්ග රටට මහත් ප්‍රයෝජනයක් අත්පත් කර දුන් බව ද සිහිපත් කළා.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සදහා ඇමරිකානු ඩොලර් බිලියනයක්, ඛනිජ තෙල් සදහා ඇමරිකානු ඩොලර් මිලියන හත්සිය පනහක් හා ආසියානු රටවල මිලදී ගැනීම් පියැවීම සදහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් ඇතුළුව ඇමරිකානු ඩොලර් බිලියන හතරක පමණ ආධාර ලබාගත හැකි වූ බව මිලින්ද මොරගොඩ මහතා මෙහි දී සදහන් කළා.

දෙරට අතර ඛනිජ තෙල් හා විදුලිය සම්බන්ධ ඉදිරි දැක්මක් ඇතිව ක්‍රියා කළහොත් රටට සැලකිය යුතු අවස්ථාවක් අත්පත් කරගත හැකිවනු ඇති බව ද මෙහි දී අනාවරණය වුණා.

ආර්ථීක හා සමාජ කරුණු අලලා සකස් කරන ලද ලිපි එකතුවක් සහිත කෘති මෙහි දී මිලින්ද මොරගොඩ මහතා විසින් නායක හිමිපාණන් වෙත පිරිනැමුවා.

රජරට විශ්ව විද්‍යාලයේ කුලපති සහ රුවන්වැලි මහා සෑ විහාරාධිකාරී මහා නායක ඊතලවැටුණවැව ඤාණතිලක හිමියන් ද මෙහි දී මුණ ගැසුණු අතර මොරගොඩ මහතා ප්‍රකාශයට පත් කළ කෘති මෙහි දී හිමිපාණන්ට පිරිනැමුවා.

මිලින්ද මොරගොඩ මහතා ශ්‍රී ලංකා භික්ෂු විද්‍යාලයේ සාකච්ඡාවකට ද සහභාගී වුණා.

උරුමයක උල්පත් මහ ලේකම් ආර් ඒ ඩී සිරිසේන සහ සම්පත් රඹුක්කනගේ මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.