hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 නොවැම්‍බර් 16, පෙ.ව. 8:08



යළි කිරිපිටි හිඟයක් ඇතිවීමේ ඉඩකඩක් පවතින බව කිරිපිටි ආනයන සමාගමේ හිටපු සභාපති ආචාර්ය ලක්‍ෂ්මන් විජේසූරිය මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් නිදහස් කිරීමට අනුමැතිය නොලැබීම නිසා කිරිපිටි කිලෝග්‍රැම් ලක්‍ෂ 4 ක් අඩංගු කන්ටේනර් 17 ක් දින 25 ක කාලයක් කොළඹ වරායේ සිරවී ඇති බවයි.

මෙම කිරිපිටි කන්ටේනර් 17 සඳහා මේ වන වි ප්‍රමාද ගාස්තු ලක්‍ෂ 40 ක් ගෙවීමට සිදුව ඇති බවත් ඒ හේතුවෙන් කිරිපිටි මිල ඉහළ දැමීමට සිදුවිය හැකි බවත් විජේසූරිය මහතා කියා සිටියා.

නැවට කිරි පටවන විට එක නිතියක්ද, නැවත මුහුද මැද තිබෙන විට තවත් නීතියක්ද, කොළඹ වරායට නැව ළගාවීමෙන් පසුව තවත් නීතියක්ද ක්‍රියාත්මක කිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බව එය ඒ මහතා සඳහන් කළා.

වියට්නාමයට සහ ඉන්දුනීසියාවට මෙරටට ගෙන්වූ කිරිපිටි යළි නැව්ගත කරන ලෙස කිරිපිටි සැපයූ සමාගම් ප්‍රකාශ කරන බවද හෙතෙම ප්‍රකාශ කළා.

එම කන්ටේනර් නිදහස් කිරීමට කර්මාන්ත අමාත්‍යංශයෙන් අනුමැතිය ලැබී තිබුණ ද ආනයන හා අපනයන පාලකවරිය කිරිපිටි කන්ටේනර්  සිරකගෙන සිටින බව ඔහු චෝදනා කළා.

තම දෙපාර්තමේන්තුවේ කිසිම අකාර්යක්‍ෂම තත්වයක් නොමැති මෙන්ම පාලකවරිය ලෙස තමන් කිසිම ලේඛණයක් සිරකරගෙන නොමැති බවත් එම චෝදනාව පිළිබඳව ආනයන හා අපනයන පාලක උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය අදහස් පළ කළා.

කිරිපිටි ප්‍රශ්නය හරියටම මොකක්ද යන්න තමන් නිවැරදිව නොදන්නා බවත් සාමාන්‍ය නීතියට පටහැනිව මොනවා හරි ආනයන කර තිබේ නම් මොනම හේතුවකටවත් නිදහස් නොකරන බවත් ඇය සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: