hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 06, පෙ.ව. 10:34



මැතිවරණයට මුදල් ලබා නොදීමේ යෝජනාවක් ලබන 08 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කිසිදු සූදානමක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහගා පවසනවා.

සති අන්ත පුවත්පත් කිහිපයක ප්‍රධාන පුවත් සිරස්තල ලෙස වාර්තා කර තිබූ ආකාරයෙන් මැතිවරණය සඳහා මුදල් ලබා නොදීමේ යෝජනාවක් හෝ මුදල් නොමැති බව දන්වා සිටීමේ කිසිදු යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ(05) රුවන්වැල්ල පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින්.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසූයේ එවැනි සූදානමක් නැතත් භාණ්ඩාගාරය ඉහළ කළමණාකාරීත්වයකින් පවත්වාගෙන යෑමට කටයුතු කරමින් සිටින බවයි.