hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 ජනවාරි 02, පෙ.ව. 8:22



ඇතැම් කාබනික පොහොර නිෂ්පාදකයින් ජාතික පොහොර ලේකම් කාර්යාලය සදහා ඉදිරිපත් කරන පොහොර සාම්පලය නිසි ප්‍රමිතියෙන් යුතුව ඉදිරිපත් කොට ගොවින්ට අලෙවි කරන්නේ ප්‍රමිතියෙන් තොර බාල පොහොර බවට තොරතුරු ලැබි ඇති බැව් කෘෂිකර්ම රාජ්‍ය ඇමති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පැවසුවා.

මේ අයුරින් වංචනික ලෙස  බලා පොහොර අලෙවි කරන පොහොර සමාගම් අසාදු ලේඛනගත කොට ඔවුන්ගෙන් පොහොර මිලදි ගැනිම නතර කිරිමට කටයුතු කරන බවද රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙනවා.

වලහන්දුව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ  නිරික්ෂණ චාරිකාවකින් පසු මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව සදහන් කළා.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද අදහස් දක්වා සිටියා,

“ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් පොහොරවල ප්‍රමිතිය පරික්ෂා කරනවා. දිස්ත්‍රික්කයට අවශ්‍ය කාබනික පොහොර මිලදි ගැනිමේ සම්පුර්ණ බලතල ලබාදි ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරට සහ ගොවිජන සංවිධානවලට. හොද ප්‍රමිතියෙන් යුතු පොහොර මිලදි ගැනිමට කටයුතු කිරිම ඒ අයගේ වගකිමක්. ගාල්ල දිස්ත්‍රික්කයේ එක්තරා සමාගමක් කාබනික පොහොර බෙදා දිමේ දි එම පොහොර ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වුනා. එකි පොහොර සමාගමෙන් පොහොර මිලදි ගැනිම නතරකොට තියෙනවා. එම සමාගම අසාදුලේඛනගතකොට තියෙනවා. එම සමාගමෙන් නැවත පොහොර මිලදි ගන්නේ නැහැ. නමුත් තොරතුරු ලැබිලා තියෙනවා නිලධාරින් පොළඹවාගෙන  ප්‍රමිතියෙන් බාල පොහොර  අලෙවිකරගැනිමට කටයුතු කරනවා කියලා.

රසායනික පොහොර මිල පිළිබද ප්‍රශ්නයක් තියෙනවා. පසුගිය කාලයේ රසායනික පොහොර තිබුණේ නැහැ. ගොවින්ගේ ඉල්ලිම තිබුණේ රසායනික පොහොර ලබා දෙන්න කියලා. ඉන්දියානු ණය ආධාර  හා ලෝක බැංකු ආධාර යටතේ යම්  පොහොර ප්‍රමාණයක් ගෙනවිත් ලබා දිලා තියෙනවා. ඉදිරියේ දි පොහොර මිල යම් පාලනයක් කොට පොහොර  සුලභ තත්වයට ගෙන්නකටයුතු කරනවා මේ ප්‍රශ්නවලට මුහුණ දි ගෙන රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවිම සදහා දායක වෙන්න කියලා. ගොවින්ගෙන් ඉල්ලා සිටිනවා. ගොවියාට මිලදි ගැනිමට නොහැකිවන අයුරින් පොහොර මිල වැඩිකරලා නැහැ. පොහොර නැතිවුවහොත් ගොවින් පොහොර ඉල්ලා විරෝධතා කෙතරම් කරනවාද කියා බලාගන්න පුළුවන්. මේ වනවිට රටේ අවශ්‍යතාවයට ගැලපෙන පොහොර ප්‍රමාණය තියෙනවා.”

ගාල්ල – ලලිත් චාමින්ද