hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 24, ප.ව. 12:41



මේ අතර පසුගිය දහනව වෙනිදා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවට සහභාගී වූ මහජන උපයෝගීතා කොමිසමේ සාමාජික කොමසාරිස්වරුන් තිදෙනා ඊට පසු දින එම කොමිසමේ සාකච්ඡාවකට කැඳවා තිබුණා.

“විසි වෙනිදා රැස්වීමට සහභාගී වීම සඳහා අපි යන විට උපයෝගීතා කොමිසමේ කාර්යාලය තිබෙන කොල්ලුපිටියෙන් ගොඩනැගිල්ල ඉස්සරහ සිටියා කණ්ඩායමක් රැස්වෙලා පුවරු ලියාගෙන මොහාන්, උදේනි, චතුරිකා ජනතාව පාවා දෙයි, වරදාන වලට යටවෙයි ආදී වශයෙන්. අපි වාහනයෙන් බහින විටම ඝෝෂා කරමින්, ඔවුන් අපි පසුපසින් පැමිණියා. අපි කිසිවක් නොකියා, රැස්වීම තිබුණු, දාහත්වන මහලට ගියා. රැස්වීම ඉවරවෙලා එළියට එන විට, ඒ දාහත් වෙනි මහලේ ඉදිරිපිටම අසල ලිෆ්ට් එකේදී අර කණ්ඩායම සමඟ තව පිරිසක් රැස්වෙලා තර්ජනාත්මක ලෙස මේ චෝදනා කරන්න පටන් ගත්තා. ලිෆ්ට් එකේදී එක පුද්ගලයෙක් මට කිව්වා අපිට ඔබේ නිවස හොයාගෙන එන්න වෙනවා කියලා. තව පුද්ගලයෙක් කිව්වා ඔබට ඉස්සරහට පාරට බැහැලා කැට හොලවන්න වෙයි. ආනන්ද පාලිත නැමැති පුද්ගලයා කිව්වා හැබැයි කැට හොල්ලන්න පාරට බහින්න ඉඩ ලැබෙයිද දන්නේ නැහැ කියලා. ඉතින් මේ සියල්ලම මම දකින්නේ පහර දීමේ තර්ජන, මරණ තර්ජන ලෙස. මේ ගැන තමයි අපි අපේ ජීවිත ආරක්ෂාව පතා කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කළේ.”

ආචාර්ය මොහාන් සමරනායක මහතාට අමතරව තර්ජන එල්ල වූ අනෙක් සාමාජිකයා වන්නේ උදේනි වික්‍රමසිංහ මහතායි.

මීට අදාළව පසුගිය විසි වෙනිදා ලැබුණු පැමිණිල්ලෙන් පසු කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළා.