hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 02, පෙ.ව. 6:39



ශ්‍රි ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ කළමණාකරණ තනතුරු දරණ නිලධාරින් 27 දෙනෙකු සදහා මහා භාණ්ඩාගාරයේ  කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනිමකින් තොරව ඉකුත් වර්ෂ හතර තුලදි (2018-2021) කළමනාකරණ දිමනාව ලෙස රුපියල් පන්කෝටි දොළොස් ලක්ෂ අටදහස් පන්සිය පනස්තුනක (50,128,553) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මහා භාණ්ඩාගාරයේ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනිමකින් තොරව දිමනා ගෙවිය නොහැකි වුවද අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිරණයක් මත 2018 වර්ෂයේ මැයි මාසයේ සිට  ක්‍රියාත්මක වන පරිදි  රුපියල් 50000 බැගින් කළමනාකරණ දිමනාවක් ගෙවා තිබුණා.

ඉකුත් වර්ෂය තුල (2021) ගෙවනු ලැබු කළමණාකරණ දිමනාව රුපියල් එක්කෝටි තිස්ලක්ෂ හැටඑක්දහස් හත්සියහතලිස් දෙකක් (13,061,742) බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගුවන් සේවා අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ කාර්ය මණ්ඩල වැටුප් සම්බන්දයෙන් කටයුතු කිරිමේදි අධ්‍යක්ෂක මණ්ඩලය වෙත පැවරි ඇති බලතල අනුව මෙම තිරණය ගෙන ඇති බවයි.

ශ්‍රි ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණා.