2024 මැයි 09, පෙ.ව. 12:05
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණයක් ගෙන තිබෙනවා.
ඒ වෛද්‍යවරුන්ට ලබාදුන් රු. 35,000ක ‘ඩැට්’ දීමනාව තමන්ට ද ලබා දී ආර්ථික යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් අද (09) සිට යළි පළාත් මට්ටමින් සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල වැඩ වර්ජන ආරම්භ කිරීමටයි.
මේ සම්බන්ධයෙන් මාස 04ක් පුරා රජයෙන් ඉල්ලීම් කළත් සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ තාක්ෂණික වාර්තාවට අනුව දීමනාව ලබාදෙන බවට වූ ලිඛිත පොරොන්දුව ඉටු නොවීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති 72කින් සැදුම් ලත් වෘත්තීය සමිති සන්ධානය පෙරේදා (07) මෙම තීරණයට එළැඹ තිබෙනවා.
ඒ බව එහි සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම සඳහන් කළා.
ඒ අනුව හෙට උතුරු මැද පළාත් රෝහල්වලින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර 13දා මධ්‍යම පළාත, 14දා සබරගමු පළාත, 15දා වයඹ පළාත, 16දා දකුණු පළාත, 20 දා ඌව පළාත සහ 21 දා බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
මේ සඳහා තවදුරටත් නිසි ප්‍රතිචාර නොලැබෙන්නේ නම් මෙම මස 22 දා සිට නැවත දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට ද සිය සමිති සන්ධානය තීරණය කළ බව එහි කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියා.
2026 ජනවාරි 13, ප.ව. 4:39
2026 ජනවාරි 13, ප.ව. 3:22
2026 ජනවාරි 13, ප.ව. 2:51
2026 ජනවාරි 13, ප.ව. 2:06
2026 ජනවාරි 13, ප.ව. 12:36
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26