hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 පෙබරවාරි 05, පෙ.ව. 6:33



පුද්ගලික ආයතනයක් විසින් ජල  සංවර්ධන  ව්‍යාපෘතියක් සදහා ඩි.අයි. පයිප්ප සහ උපාංග ගෙන්විමේ දී ව්‍යාජ ඉන්වොයිස් සහ ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කොට ආනයන සටහන්කර ඉදිරිපත් කිරිම නිසා ගුදමෙන් භාණ්ඩ නිදහස් කිරිමේ දි රජයට රුපියල් හයකෝටි විසිහතරලක්ෂ අනුනමදහස් හයසිය පනස්හයක (62,499,656) පාඩුවක් වි ඇති බව  ජාතික විගණන කාර්යාලය විසින්  ශ්‍රි ලංකා රේගුව සම්බන්දයෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වෙනවා.

ගුදමට භාණ්ඩ භාර ගැනිමේ දි ගෙවිය යුතුව තිබූ බදු ගණනය රුපියල් විසිහයකෝටි තිස්තුන් ලක්ෂ එක්දහස් දෙසිය තුනක්.

එහෙත් ගුදමෙන් භාණ්ඩ නිදහස් කිරිමේ දී බදු ගණනය කිරිම  රුපියල් තිස්දෙකෝටි පනස්අටලක්ෂ අටසියපනස් නමයක්  (325,800,859) ලෙස පෙන්වා තිබුණා.

මේ නිසා රජයට රුපියල් හයකෝටි විසිහතරලක්ෂ අනුනමදහස් හයසිය පනස්හයක බදු මුදලක් වැඩිපුර ගෙවිමට සිදුවි තිබුණා.

ඇමරිකානු ඩොලර්  5,139,621ක භාණ්ඩ ගුදම් ගතකර තිබු අතර එහෙත් දේශියව සැකසු  ඉන්වොයිස් භාවිතා කර අදාල වටිනාකම අදාල වටිනාකම ඇමරිකානු ඩොලර් 6,350,364ක් ලෙස ව්‍යාජ තොරතුරු සහිත ආනයන සටහන් ඉදිරිපත් කොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

මේ නිසා ඇමරිකානු ඩොලර් 1,210,743ක වටිනාකමක්  අදාල ආයතනයට වැඩිපුර ලබා ගැනිමට  අවස්ථාව උදා වි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

 එමෙන්ම  ව්‍යාජ ඉන්වොයිස් සැකසිම,ව්‍යාජ තොරතුරු  ඉදිරිපත් කොට  අදාල ආයතනය විසින් දේශිය මෙන්ම විදේශිය මුදල් ලබාගෙන තිබුණි. මේ සම්බන්දයෙන් විමර්ශන සිදුකරනු ලැබු රේගුව විසින් අදාල ආයතනය විසින් වරදක් සිදුකර නොමැති බව සලකා විමර්ශනය අවසන් කොට තිබුණා.

එලෙස විමර්ශන තිරණය  වැරදි ලෙස ලබා දුන් නිලධාරින් සම්බන්දයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනිම  විගණනයේ දි ප්‍රශ්නගත කරුණක් බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

.නැගෙනහිර පළාත් ජල සංවර්ධන ව්‍යාපෘතිය සදහා ජපන් රජය විසින්  ලබාදි ඇති ආධාරයක් මත මෙකි උපාංග ගෙන්විම සදහා ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය විසින් පුද්ගලික ආයතනයක් වෙත කොන්ත්‍රාත්තුව ලබා දි තිබුණා.

මේ සදහා ප්‍රවාහන වියදම් සහ බදු මුදල් රජය විසින් දැරිය යුතු වුණා.

මේ සම්බන්දව මුලික විමර්ශනයක් සිදුකරමින් පවතින බව ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සදහන් කොට තිබෙනවා.