hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 7:32



දක්ෂිණ මාර්ග සම්බන්දකරන ව්‍යාපෘතිය සඳහා පවරාගත් ඉඩම් සදහා වන්දි ගෙවීමේ ප්‍රමාදවීම මත ඉඩම් හිමියන්ට පොලී මුදල් වශයෙන් රුපියල් මිලියන 649ක මුදලක් 2021 වර්ෂයේ දෙසැම්බර්මස 31 වැනි දින දක්වා කාලය තුල ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පැවසුවා.

මෙම ව්‍යාපෘතිය සදහා රජයට අයත් ඉඩම්කැබලි 1562ක්  ඇතුලු ඉඩම් කැබලි  8499ක් අත්පත් කර ගැනීමට සැලසුම් කොට තිබුණා.

ඉඩම් අත්පත්කර ගැනීම සදහා රුපියල් මිලියන  8418ක වන්දි මුදලක් ගෙවා තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

එමෙන්ම ඉඩම් අත්පත්කර ගැනීම හා නැවත පදිංචි කිරීමේ කමිටුවේ තීරණය යටතේ රුපියල් මිලියන 3210ක අමතර ගෙවීමක් සිදු කර තිබූ බවද විගණන කාර්යාලය පවසයි.

ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින වන විට කිසිදු ඉඩමක් 44 වැනි වගන්තිය යටතේ ලියාපදිංචි කරගෙන නොතිබූ බවද විගණන කාර්යාලය පවසයි.

වන්දි ගෙවීම කඩිනම් කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට තිබෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද