hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 17, පෙ.ව. 3:33



ශ්‍රී ලකාවේ ජෛව විවිධත්වය වැඩි කරමින් නව මදුරු විශේෂයක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා කණ්ඩායම සමත්ව තිබෙනවා.

එම මදුරු විශේෂය මීරිගම සහ කලුතර ප්‍රදේශ වලින් දැනට වාර්තා වී ඇතැයි එම කණ්ඩායම සඳහන් කරනවා.

Culex(lephoceraomyia) cinctellus කියුලෙක්ස් සින්ටෙලස් නැමැති මෙම විශේෂය දැනට ලෝකයේ තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවලින් වාර්තා වී තිබෙනවා.

මෙම මදුරු විශේෂය රෝග වාහකයෙක්ද නැද්ද යන වග තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර ලෝකය තුලද රෝග වාහකයකු වශයෙන් වාර්තා වී නොමැත.

මීට අමතරව එම කණ්ඩායම විසින්ම මෑතකදී culex ගණයට අයත් cx.sp near infula කියුලෙක්ස් නියඉන්ෆියුලා නැමති මදුරු විශේෂය ද සොයාගැනීමට සමත් වුණා.

එම මදුරුවා ඉන්දියාව තුල මොලේ මැලේරියාව රෝගය බෝ කරන culex infula යන මදුරු විශේෂයට ඉතාමත් ආසන්න මදුරු විශේෂයක් වන අතර ශ්‍රී ලංකාව තුල වාහකයෙක්ද නැත්ද යන වග තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර ඔහු වාහකයකු වීමේ වැඩි සම්භාවිතාවයක් පවතිනවා.

මේ පිළිබඳව වැඩිදුර අදහස් දක්වමින් සෞඛ්‍ය කීට විද්‍යා නිළධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක මහතා කියා සිටියේ මෑත කාලය තුල නව මදුරු විශේෂ 03 ක් සෞඛ්‍ය කීට විද්‍යා නිළධාරින් විසින් සොයාගැනීමට සමත් වූ අතර තවත් මදුරු විශේෂ 04 ක් ශ්‍රී ලංකාව තුල තහවුරු කරගනිමින් ජානමය පර්යේෂණ සදහා නියදි යවා ඇති බවයි.

මෑත කාලය තුල මෙම නව සොයා ගැනීම් සමග කීට විද්‍යා ක්ෂේත්‍රය තුලින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් වෙනස් කම් ඇති වියභැකි බවත් ඔහු කියා සිටියා.

 හික්කඩුව – බුද්ධික වීරසිංහ