hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 01, පෙ.ව. 2:46



ලිට්‍රෝ සමාගම ඔමාන් ට්‍රේඩින් සමාගමෙන් ලබා ගැනීමට නියමිත ගෑස් මෙට්‍රික් ටොන් 100000 පළමු ගෑස් නැව ජූලි 6 වනදා මෙරටට පැමිණිමට නියමිත බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

එම නැවේ ගෑස් බෙදා හැරීමේ කටයුතු 7 වනදා සිට ආරම්භ කරන බවයි ඔහු සඳහන් කළේ.

අනතුරුව ජූලි 10,13,15,14 සහ 22 යන දිනවල සිට අඛණ්ඩව ගෑස් නැව් මෙරටට පැමිණිමට නියමිතයි.

මේ අතර අගෝස්තු 02 වැනිදා වන විට මෙරට ගෑස් පෝලිම් අවසන් වනු ඇති බවයි ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ.

ජූලි මාසයේ පමණක් ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.

ලිට්‍රෝ සමාගම LP ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබා ගැනීමට ඊයේ (30) ගිවිසුම් අත්සන් කරනු ලැබුවා.

මෙම ගෑස් මෙට්‍රික් ටොන් 100,000 තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 90ක් වන අතර ඒ සඳහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 70ක් සපයනු ලබන අතර ඉතිරි ඩොලර් මිලියන 20 සපයන්නේ ලිට්‍රෝ සමාගම විසින්.

මෙම ගෑස් තොගය මාස හතරක පමණ කාලයක පරිභෝජනය සඳහා මෙරටට සෑහෙන බවට වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: