hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජනවාරි 23, ප.ව. 5:40



ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව අධිකරණය විසින් තවමත් නිගමනය කර නොමැති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ප්‍රකාශ කළා.

ඒ, සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම අද යළි සිදුකළ අවස්ථාවේදීයි.

එහිදී ඇය සඳහන් කළේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි කැඳවීම තම නිල මැදිරිය තුළ සිදුකිරීමට තීන්දු කළේ ඊට සම්බන්ධ පාර්ශවකරුවන් විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව බවයි.

මරණයට අදාළ විවිධ තොරතුරු ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබෙන බැවින් සාක්ෂි විමසීම අප්‍රසිද්ධියේ සිදුකරන ලෙස දිනේෂ් ෂාෆ්ටර්ගේ පාර්ශවයෙන් ඉල්ලා තිබූ බවද ඇය කියා සිටියා.