hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 15, ප.ව. 5:38



රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් තමාට අයත් වී-එයිට් (v-8) වර්ගයේ ජීප් රථය කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක විසින් හොර රහසේ විකුණනු ලැබ ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුවා.

මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව තමන් වහන්සේගේ ජීප් රථය සොරකම් කළ බවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ප්‍රකාශ කළ ද තමන් වහන්සේට එම වංචාව කළේ ව්‍යාපාරික කතක් වන කොළඹ නාගරික මන්ත්‍රීනි ප්‍රියංකා ජයසේකර බවත් උන්වහන්සේ කියා සිටියා.

ඇය තමාගේ විහාරස්ථානයේ දායිකාවක වූවත් තිළිණි ප්‍රියමාලි විහාරස්ථානයේ දායිකාවක නොවන බවත් උන්වහන්සේ සඳහන් කළා.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ජපානයේ සිටින දායකයකු ත්‍යාගයක් ලෙස නවීන මෝටර් රථයක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව තමාට මෙරට දානපතියකු පරිත්‍යාග කළ වී -එයිට් වර්ගයේ සුදු පැහැති ජීප් රථය විකිණීමට උන්වහන්සේ සූදානම් වී තිබෙනවා.

අභයාරාමයට නිතර ආගිය දායිකාවක වන මන්ත්‍රීවරිය පසුව මුදල් දීමේ පොරොන්දුව මත ජීප් රථය ලබා ගෙන තිබෙනවා.

එකඟ වූ පරිදි මුදල් නොදීම නිසා කළ සොයා බැලීමේ දී ජීප්රථය නිට්ටඹුවේ වාහන අලෙවි කරන මධ්‍යස්ථානයක තිබී ඇති බව වාර්තා වෙනවා.