2023 දෙසැම්‍බර් 04, ප.ව. 1:13
මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ අභයාරාම විහාරස්ථානයේත් අනීතිකව විදුලිය කප්පාදු කිරීමට පැමිණ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ බොහෝ නිවාස සඳහා ද මේ වනවිට විදුලිය විසන්ධි කිරීමේ රතු නිවේදන යවා ඇති බවයි.
විදුලිබල මණ්ඩලය කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබන, ජල විදුලි උත්පාදනය වැඩි මෙවන් කාලයක රටේ ලක්ෂ 50කට රතු බිල් යැවීම සාධාරණදැයි එහිදී එතුමා ප්‍රශ්න කරනු ලැබුවා.
එමෙන්ම මේ වන විට ලක්ෂ 5ක පමණ ජනතාවගේ විදුලි බලය විසන්ධි කර තිබෙන බවද විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා.
2026 අගෝස්තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්තු 28, පෙ.ව. 12:13