hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 08, ප.ව. 12:32



ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී අත්අඩංගුවට ගත් ධනිෂ්ක ගුණතිලකට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඔහුට ඇප ලබාදීම ඊයේ (07) සිඩ්නි අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබු අතර, නඩුව ලබන වසරේ ජනවාරි 12 වනදා යලි කැදවීමට නියමිතයි.

මේ අතර සිඩ්නි නුවර රක්ෂිත බන්ධනාගාරගතව සිටින ධනුෂ්ක ගුණතිලකට උදව් කළ දේශපාලකයින් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ ආරංචි පැතිර යනවා.

තමා ඊට සම්බන්ධ නැතැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්,

‘මෙම ප්‍රශ්නයට මාව සම්බන්ධ කර ගැනීමට සහ ක්‍රිකට් දේශපාලනීකරණය කිරීමට උත්සාහ කිරීමෙන් සිදු වන්නේ අපේ ජාතියේ ප්‍රතිරූපයට හා කීර්තියට තවත් හානියක් පමණයි. මම ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කිසිම ජාතික ක්‍රීඩාවක පරිපාලනයට සම්බන්ධ වී නැහැ!‘