hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 26, පෙ.ව. 10:44



බදු වැඩි කිරීම සහ මැතිවරණය සඳහා මුදල් ලබා දීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වගකීම පවතින්නේ මුදල් අමාත්‍යාංශයට සහ මහා භාණ්ඩාගාරයට බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවා.

මහ බැංකු අධිපතිවරයා එලෙස පවසා සිටියේ ඊයේ (25) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මෙම වසර සඳහා වන පළමු මුදල් ප්‍රතිපත්ති විවරන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මහ බැංකුව එවැනි කටයුතු සඳහා සම්බන්ධ නොවන බව ද මහ බැංකුව සිදුකරන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.

බදු වැඩි කිරීම සහ මැතිවරණය සඳහා මුදල් ලබා දීම පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය සහ මුදල් අමාත්‍යාංශය යන ආයතනවල කටයුත්තක් වන බව ද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඇතුළු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඔවුන් විසින් බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.