hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 17, ප.ව. 1:22



ආර්ථිකය ස්ථාවර වනතුරු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ඉදිකිරීම් කර්මාන්තකරුවන් සමඟ ඊයේ (16) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ පිරිවැය දැනටමත් ඉහළ මට්ටමකයි පවතින්නේ. ඉන්දියාව හෝ අනෙකුත් කලාපීය රටවල් සැලකූ විට එය ඉතා ඉහළ පිරිවැයක්. ඒ සඳහා එක් හේතුවක් වන්නේ ටයිල්, නානකාමර උපාංග ආදියට දේශීය ආරක්ෂණයක් බලාපොරොත්තු වීමයි. සිමෙන්ති සඳහාත් ඔවුන් එවැනි ආරක්ෂණයක් අපේක්ෂා කරනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මෙරට වෙළෙදපොළ මිල ගණන්, ගෝලීය මිල ගණන් නොවෙයි. දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම සඳහාත් ඔවුන්ට මිලක් ගෙවීමට සිදුවී තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තයේ ඉහළ පිරිවැය නිසා මෙරට පෞද්ගලික අංශයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සංවර්ධනය වන්නේ නැහැ. ඒ බොහෝදෙනාට දැරිය නොහැකි ඉහළ පිරිවැයක් පවතින නිසා. වර්තමාන අර්බුදය නිසා රාජ්‍ය අංශයේ ඉදිකිරීම් යළි ඇරඹීමට කාලයක් ගතවේවි. එහෙත් එය දැන් ප්‍රමුඛතාවය නොවෙයි. ආර්ථිකය ස්ථාවර වූ විට එය ප්‍රමුඛතාවයක් බවට පත්වේවි. මම බලාපොරොත්තුවෙනවා ලබන වසරේදී එලෙස ආර්ථිකය ස්ථාවර වේවි කියලා. මේ අතර අයවැයේ පසුවිපරම පිළිඳව අර්න්ස්ට් ඇන්ට් යන්ග් ආයතනය සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයකට ජනාධිපතිවරයා වීඩියෝ පණිවුඩයක් යොමු කර තිබුණා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: