hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 25, ප.ව. 12:55



රුපියල් ලක්ෂ 48ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන්, මහනුවර ජාතික ලෝහලේ පිළිකා ඒකකයේ විදුලිය විසන්ධි කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට එම කරුණ යොමු කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අදාල විදුලි විසන්ධි කිරීම හේතුවෙන් නැවතී ඇති බවයි.

“ගරු කතානායක තුමනි, මහනුවර පිළිකා රෝහලේ ලයිට් කපලා, ලක්ෂ 48ක බිලක් තියනවා. ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන එක නවත්තලා. රේඩියන්ට් ට්‍රීට්මන්ට්, පුච්චන එක කරන්න එපැයි. මට ඊයෙ දොස්තර කෙනක් කතා කරලා කිව්වා. මම කෙහෙළිය ඇමතිතුමාට පෞද්ගලිකවත් කතා කෙරුවා, මේ ලයිට් බිල ගෙවලා රෝගින්ට ප්‍රතිකාර කරන්න අවස්ථාව දෙන්න කියලා.” යනුවෙන් පවසමින් මන්ත්‍රීවරයා අදාල කරුණ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළා.