hit counter

2026 ඔක්‍තෝබර් මස 19 වන සඳුදා

2026 ඔක්‍තෝබර් 19, ප.ව. 2:24



කාවන්තිස්ස හස්තියාගේ මිය යෑම ඝාතනයක් බවත් කාවන්තිස්ස හස්තියාට නිසි ලෙස ප්‍රතිකාර නොලැබුණු බවත්, හස්තියා මියයාම සම්බන්ධයෙන් ස්වාධීන මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි.

වෙඩි තැබූ අය මෙන්ම අධි මාත්‍රාවෙන් හස්තියාට බෙහෙත් දුන් අය පිළිබඳව වහාම විමර්ශනය කර දඬුවම් දිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

හස්තියාට වෙඩි තැබූ දිනය පැහැදිලි අතර විශේෂයෙන්ම හස්තියාගේ ශරීරයේ මූනිස්සම් තිබෙනවා නම් එම ගිනි අවිය කාගේද යන්න සොයා බැලිය හැකි බවද, ඒ අනුව හස්තියාට වෙඩිතැබුවේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන්ද විමර්ශනය කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

“මේ ඇතා හැමෝම දන්න ඇතෙක්. මෙයා ආසියාවේ ලොකුම ඇතා. වැරදිලා වැදෙන්න විදිහක් නැහැනේ. මොකද මේ ඇතාට ඒ ගම් වල මිනිස්සු මේ සාමාන්‍යයෙන් කුඹුරකට එනකොට වෙන අය පන්නනවා. මෙයාට කියන්නේ දෙවියෝ කන්න කියලා. ඉතින් මෙයා ඇවිල්ලා එහේ අයිකන් එකක්. මෙයාට වැරදිලා වෙඩි තියන්නේ නැහැ. මේ ඇතාගේ ආදාන උත්සවයක් තිබ්බද? ඇතා නිකන් බල්ලෙක් වගේ මේ බෙල්ල කපාගෙන අරන් ගියා. දැන් ලෝකේ හිටපු ඇත්තටම ලොකුම එක්කෙනාව ඉන්දියාවේ කෞතුකාගාරයක පුලුම් පුරවලා තියෙනවා හැමෝටම බලන්න. මෙයාගේ මොකද කළේ? මෙයාව කුඹුරේ දාලා තියලා බැකෝ වලින් ඇදගෙන ගිහිල්ලා බෙල්ල කපලා කොළඹ ගෙනාවා. දල දෙක තියාගන්න කොහේ හරි. එතකොට දැන් දැන් හරිනම් මෙයාව ඒ වගේද කරන්න ඕනේ? කවුද ආපු රාජ්‍ය ඇමතිවරයා. අඩු ගානේ පරිසර ඇමති ආවද? කවුරුත් මේගොල්ලෝ ආවද? ඇයි මෙහෙම කළේ? මේක තමයි මේ මේ දශකයේ වෙච්ච ප්‍රධානම මරණය මේ රටේ.

මේක රජෙක්. රජෙක්ගේ මරණයක් කරන්නේ එහෙමද? වනජීවී දෙපාර්තමේන්තුව අද මේ මාධ්‍යයට ඇවිල්ලා ඒක ඉන්න මේ ප්‍රධාන අය කියනවා අපි අවුරුදු 50ක් මේ රැක්කා කියලා. බම්බුව රැක්කේ නෑ. ඕනම මේ වෛද්‍ය විද්‍යාවේ මුල් දේවල් දන්න සත්ව විද්‍යාව දන්න හැමෝටම මේක පැහැදිලියි මේක මිනී මැරුමක් කියලා. මේ අපිට තේරෙනවනේ මේ කාවන්තිස්ස රජ කෙනෙක් කොච්චර වුනත් විපක්ෂ නායකතුමා ඒකට ගියා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා හිටපු මේක සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරලා තිබ්බා. මහින්ද රාජපක්ෂ මහත්තයා එයාගේ පවුලේ අය හිරේ ඉන්දැද්දී මේක සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරලා තිබ්බා. අනුර කුමාරගේ ෆේස්බුක් පිටුවෙවත් තිබුණද අඩුම ගානේ එක වචනයක් දාලා තිබ්බද කාවන්තිස්ස ගැන. මේ ඉතාම හොඳ තත්ත්වයෙන් තමයි වනජීවී දෙපාර්ස්තමේන්තුවට හම්බ වෙන්නේ.

එහෙම හම්බ වෙච්ච ඇතාව දවස් තුනක් යනකොට මේ තත්ත්වයට පත් කරලා මේ මිනී මැරුම සිද්ධ කළා කියන එක පැහැදිලියි. ඒකේ ගැන තර්කයක් නැහැ. මේ මොහොතේ ඇත්තටම ඉන්දියාවේ ඉන්නවා රාමචන්ද්‍රන් වගේ හීලෑ ඇතෙක්. එයාටත් වඩා මෙයා අඩියක් විතර උසයි මෙයා අඩි 11 පැනලා ඉන්න විශාල ඇතෙක්. ලංකාවේ බෙහෙත් කරපු එක වැරදුනා. අනිවාර්යෙන් වැරදුනා. ඒක ඉතාම සරලයි. ඒ කියන්නේ මෙයාගේ ආහාර ජීරණ පද්ධතියනේ අකර්මන්‍යය වෙන්නේ. එතකොට අකර්මන්‍යය වුනාම ආහාර ජීරණ පද්ධතිය මෙයාට ආහාර ගන්න බැහැ. ගැස්ට්‍රයිටිස් වැඩි වුණා. මෙයාගේ ආතතිය වැඩි වුණා. ඒ එක්කම මෙයාගේ අපි විශ්වාස කරනවා වකුගඩු සහ වෙනත් පද්ධතියක් මෙයාගේ ඇඟේ ඒ විවිධ ඕගන්ස් මේ ඩවුන් වීම සිද්ධ වුණා මේකත් එක්ක. මේ වනජීවී දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරු.

ඒගොල්ලෝ ඒ ප්‍රවීණයෝ ඇහුවා ඒ සූම් සාකච්ඡාවේදී මේ මොකක්ද මෙයාට ඩයරියා එකක් තියෙනවා කියලා කවුද කියන්නේ? කොහොමද කියන්නේ? එතකොට ඒක කවුද දැක්කේ? ඊට පස්සේ මෙයා කෑම කන්න නැහැ කියලා පේනවා මෙයාගේ ඇඟ බහිනකොට එතකොට එක වෛද්‍යවරයෙක් කිව්වා කෑම කෑවා කියලා. එතකොට කවුද කෑම කෑවා කියලා දැක්කේ කියලා ඇහුවාම මේකට උත්තරයක් නැහැ. විශේෂයෙන්ම මෙයත් එක්ක තව අලි කිහිප දෙනෙක් හිටියා. එතකොට කොයි එකාද කෑවේ කියලවත් දන්නේ නැහැ.

වතුරේ බැහැලා හිටියා. සාමාන්‍යයෙන් මේ සත්තු වතුරේ බැහැලා ඉන්දැද්දී ඒ වතුරේ බැහැපු දවසට කලින් දවසේ වනජීවී දෙපාර්තමේන්තුව ඒගොල්ලන්ගේ නිල ෆේස්බුක් පිටුවේ දැම්මා ඇතා හොඳට ඉන්නවා රෑ අපේ අයවත් එළෙව්වා මෙහෙම කියලා දැම්මා. ඊට පහුවෙන්දා ඉඳන් ඇතා හිටියේ වතුරේ. එතකොට අමු බොරු මේ දාන්නේ අමු. බොරු දාන්නේ මේගොල්ලෝ මේ රජයේ දෙපාර්තමේන්තුවක් කොහොමද එහෙම හැසිරෙන්නේ. එතකොට ඇතා වතුරේ ඉන්නවා කියන්නේ එක්කෝ එයාට විශාල ආසාධනයක් තියෙනවා. නැත්නම් හඳුනානොගත් තුවාලයක් තියෙනවා. නැත්නම් එයා බර ඩිස්ටබියුට් කරන්න වතුරට බහිනවා. ඇඟේ බර වැඩි වෙන හන්දා. දැන් ඒක පැහැදිලිනේ ලාල්කාන්ත ඇමතිතුමා කිව්වේ හැමෝටම අලියා මරලා දාන්න කියලනේ. එතකොට කාවන් තිස්සද මේ ගජබාද මේ සැන්ඩොද අග්බෝ ද මුකුත් වැඩක් නැහැ ආවොත් වැඩිපන් කියලා කිව්වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: