hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 18, ප.ව. 7:08



ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට අද (18) දින සිට නව සභාපතිවරයා ලෙස ජී.එස්.විතානගේ මහතා පත් කර තිබෙනවා.

විතානගේ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති අතර ඉන්පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පළමු උපාධිය ද , කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා තිබෙනවා.

1984 වසරේ දී රාජ්‍යය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස රාජ්‍ය සේවයට එක් වන විතානගේ මහතා ලංකා සීනි සංස්ථාව, රාජ්‍ය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, ජනමාධ්‍ය සංචාරක ගුවන් සේවා ප්‍රවාහන මහාමාර්ග යන අමාත්‍යාංශ වල සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, පුනරුත්ථාපන, බන්ධනාගාර, නැවත පදිංචි කිරීම්, විදේශ රැකියා, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා යන අමාත්‍යාංශ වල ලේකම්වරයා ලෙසත් සේවය කර තිබෙනවා.

මීට අමතරව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපතිවරයා ලෙසත් සේවය කරමින් සමස්ථ රාජ්‍ය සේවයේ වසර 37 කට අධික කාලයක් සේවයෙහි නිරත වී සිටින්නෙක්.

ජී.එස්.විතානගේ මහතා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ 08 වන සභාපතිවරයායි.