hit counter

2026 ජනවාරි මස 19 වන සඳුදා

2022 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 8:58



රාජගිරිය ආයුර්වේද රෝහලේ ආයුර්වේද වෛද්‍යවරුන් විසින් මෙහෙයවනු ලබන, ගුවන් හමුදා කොළඹ කඳවුරු රෝහලේ අභිනවයෙන් විවෘත කරන ලද ආයුර්වේද සායනය විවෘත කිරීමේ උත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ගුවන් හමුදාපතිවරයාගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එල්.ආර්. ජයවීර මහතාගේ උපදෙස් පරිදි කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහලේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් පී.ඒ.වී පද්මපෙරුම මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම සායනය ආරම්භ කර තිබෙනවා.

දේශීය වෛද්‍ය විද්‍යාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරම්භ කළ මෙම ආයුර්වේද සායනය මගින් ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ට මෙන්ම විශ්‍රාමික ගුවන් හමුදා පුද්ගලයින් සඳහාද ආයුර්වේද ඖෂධ ලබා දෙනු ඇති.

මෙම ආයුර්වේද සායනය රාජගිරිය ආයුර්වේද රෝහල සමඟ ඒකාබද්ධව සෑම මසකම බ්‍රහස්පතින්දා දිනයන්හිදී කොළඹ ගුවන් හමුදා කඳවුරු රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.