hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 03, පෙ.ව. 7:05



උදෑසන සේවයට පැමිණ අත්සන් කිරීම, සවස සේවය අවසන් කර අත්සන් කිරීම සහ පඩි ලබා ගැනීම ප්‍රධානම රාජකාරි තුන යැයි ඇතැම් රාජ්‍ය සේවකයින් සිතා සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පවසනවා.

2023 වන වසරේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ලේකම්වරයා ඒ බව සඳහන් කළා.

ඔහු ප්‍රකාශ කළේ, රාජකාරි වේලාවන්හිදී ජංගම දුරකතන භාවිත කිරීම්දී රාජකාරියට බාධා නොවන අයුරින් එය සිදු කළ යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හපුහින්න මහතා,

“විශේෂයෙන් ම තමුන්ගේ දුරකතනය වෙන්නට පුළුවන්. නමුත් උදේ ඉඳන් පටන් ගත්තා ම හවස් වෙනකම් ඒකේ ෆේස්බුක්, වට්ස්ඇප් මැසේජ් බල බල ඉන්න එපා. ඒකේ යම් දෙයක් කළාට කමක් නැහැ. නමුත් මුළු දවස ම දුරකතනයත් එකක් සම්බන්ධවෙලා ඉන්න එපා.මොක ද මම දැකලා තියෙනවා මම ගිය ගොඩක් ඒවයේ අර ආපූ මිනිස්සු දිහා බල බල කරන පළවෙනි වැඩේ තමයි දුරකතන ඇමතුම් ගන්න එක, එහෙම නැතිනම් ෆේස්බුක් යන එක. ඒ හින්දා මම දන්නවා පෞද්ගලික අංශයේ අද වෙනකොට, එනකොට ජංගම දුරකතනය ලොකර් එකේ දාලා එන්න ඕනේ. යනකොට තමයි ආපහු දෙන්නේ.ඒ මට්ටමට මේක අරගෙන යන්නේ නැතිව, අවශ්‍ය වුණොත් ඒ පියවර ගන්න බැරිකමකුත් නැහැ. ඒ නිසා මම හිතන්නේ මෙහෙට විතරක් නෙමෙයි සමස්ත රජයේ සේවයට ම. ඒ කියන්නේ ඒක අධික්ෂණය කළ යුතු වෙනවා.”