hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 ජනවාරි 10, ප.ව. 3:09



රටේ විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ගිය බවත් කිසිම අවස්ථාවක එක්සත් ජාතික පක්ෂ නායකයා හමුවීමට නොගිය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළා.

ඒ ඊයේ දෙරණ 360 වැඩසටහනට එක්වෙමින්.

රටේ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට බැඳීමක් පවතින බවත් මැතිවරණයක් පවතින අවස්ථාවක මැතිවරණයට අවශ්‍ය පහසුකම් සැපයීමට හා වාතාවරණය සකස් කිරීමට වගකීමක් ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයා මැතිවරණ කොමිෂන් සභාවට කතා කළ බවත් ඒ නිසා ජනාධිපතිවරයා හමුවීමට ගිය බවත් ඔහු සඳහන් කළා.