hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 26, ප.ව. 4:37



වේලක් දෙකක් සිය ආහාර වට්ටෝරුවෙන් මග හැරීම වඩාත් ශරීරයට සුදුසු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය නිරෝෂන් ප්‍රේමරත්න මහතා පවසනවා.

මේ වනවිට සායන වෙත පැමිණෙන ගර්භනී මව්වරුන්ට පවා ඇත්තේ මන්දපෝෂණයක් නොව අධිපෝෂණයක් බවයි මාධ්‍ය ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

මන්දපෝෂණය සහිත දරුවන් හෝ වෙනත් කිසිවෙකු මෙරට දී සිය වෛද්‍ය වෘත්තීය ජීවිතය තුළ තමන් දැක නොමැති බවත්, එවැනි දරුවන් දැක ඇත්තේ පින්තූර මගින් පමණක් බවත් හෙතෙම පවසනවා.

රට තුළ මන්දපෝෂණය සහිත එක් දරුවෙකු හෝ සිටියි නම් එයට වගකිවයුත්තේ රජය නොව එම ක්ෂේත්‍රවල සිටින ග්‍රාමීය මට්ටමේ සිට ඉහළට ඇති සෞඛ්‍ය අංශය බවයි වෛද්‍ය නිරෝෂන් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කරන්නේ.

පසුගියදා පාසලක දිවා ආහාරයට දරුවෙකු කලටි පොල් මද ආහාරයට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු ලෙස වෛද්‍යවරයා සඳහන් කළේ, පොල් මද කෑම තමන් කිසිසේත් ශරීරයට නුසුදුසු දෙයක් ලෙස නොදකින අතර, එම කෑම වඩාත් ශරීරයට ගුණදායී බවට තමන් යෝජනා කරන බවයි.

හැකියාවක් ඇත්නම්, පොල් වැඩියෙන් ආහාරවේලට එක් කරගන්නා ලෙසත්, වේලක් දෙකක් ආහාර මගහැරීම තමන් ශරීරයට හොඳ දෙයක් යැයි පිළිගන්නා කාරණයක් බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.