hit counter

2026 අගෝස්‍තු මස 21 වන සිකුරාදා

2026 අගෝස්‍තු 21, පෙ.ව. 12:31



රුපියල් කෝටි 24ක් ලෙස වාර්තා වූ පාර්ලිමේන්තු ආහාර බිල්පත සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටු සභාපති නිශාන්ත සමරවීර මහතා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අතර උණුසුම් සංවාදයක් ඇති විය.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති දේශපාලන විවාදයකට එක්වෙමින් නිශාන්ත සමරවීර මහතා කියා සිටියේ අදාළ ආහාර බිල්පත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ පමණක් නොව, එහි සේවය කරන සමස්ත කාර්ය මණ්ඩලයේම ආහාර වියදම්වල එකතුවක් බවයි.

මන්ත්‍රීවරුන් වෙනුවෙන් පමණක් එම මුදල වැය වන බවට සමාජගත වී ඇති මතය නිවැරදි නොවන බව හෙතෙම එහිදී අවධාරණය කළේය.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරයාගේ එම පැහැදිලි කිරීමට විරෝධය පළ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටියදී මෙම ආහාර බිල්පත සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල කළේ මන්ත්‍රීවරුන් 225 දෙනාට පමණක් ඉලක්ක කරමින් බවයි.

එදා මන්ත්‍රීවරුන්ට පමණක් චෝදනා කළ පිරිස, අද ආණ්ඩු බලය ලැබුණු පසු එම බිල්පත පාර්ලිමේන්තු සේවකයින්ගේ ගිණුමට ද බැර කරමින් සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම විමතියට කරුණක් බව හෙතෙම පැවසීය. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: