hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 18, පෙ.ව. 12:06



නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ක්‍රියාවිරහිත කර තිබෙනවා.

ඒ, එහි අධි පීඩක හීටර් පද්ධතියේ ඇති වූ හදිසි බිඳ වැටීම හේතුවෙන්.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, මෙම හදිසි බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

එමෙන් ම අදාළ බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ ප්‍රධාන නඩත්තු කටයුතු අවසන් කර ඇති බව සඳහන්.

මේ වනවිට එහි පරීක්ෂණ ධාවන කටයුතු සිදු කරන බවත් කඩිනමින් විදුලිය නිෂ්පාදනය සඳහා එම යන්ත්‍රය යොමු කරන බවත් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා කියා සිටියා.

ඒ හේතුවෙන් විදුලිබල සැපයුමට බාධාවක් ඇති වන්නේ නැහැ.

නඩත්තු කාලය තුළ උපරිම ලෙස ජල විදුලිය නිෂ්පාදනය කරමින් අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන බවයි, එම මණ්ඩලය සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: