hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 පෙබරවාරි 05, ප.ව. 2:55



ගල්අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සපයාගැනීමට නොහැකිවුවහොත් නොරොච්චෝලේ බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වන බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම මෙම වර්ෂයේ මුල් සතිය ඇතුළත ගල්අඟුරු ආනයනයට ඩොලර් මිලියන 12.32ක මුදලක් අවශ්‍ය බව ලංකා ගල්අඟුරු සමාගම විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට දැනුම් දී තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යෙමු කරමින් එම සමාගම පැවසුවේ ජනවාරි 30 වනදා සිට පෙබරවාරි 3 වනදා දක්වා කාලය තුළ මෙම මුදල අවශ්‍යව තිබූ බවත් තවත් ගල්අඟුරු නෞකා කිහිපයකට අත්තිකාරම් සහ හිඟමුදල් ගෙවීමට නියමිතව ඇති බවයි.

පසුගිය ජනවාරි මාසයේ මෙරටට ලඟා වීමට නියමිතව තිබූ ගල් අගුරු නෞකා ගණන 7ක් වන අතර ඉන් නෞකා 6ක් පසුගිය මාසය තුළ මෙරටට ලඟා වුණා.

ඒ අනුව එම ගල් අඟුරු සංචිතය පෙබරවාරි මාසය තුළ විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් වන බවයි ගල්අඟුරු සමාගම සඳහන් කළේ.